Susith Jayamanne

9 Flips | 2 Magazines | 1 Following | 2 Followers | @susithjayamanne | Keep up with Susith Jayamanne on Flipboard, a place to see the stories, photos, and updates that matter to you. Flipboard creates a personalized magazine full of everything, from world news to life’s great moments. Download Flipboard for free and search for “Susith Jayamanne”

(Video) Kumar Sangakkara's interview on CNN Talk Asia

Asia

දේවදූතයො යන්න යනවා, පව්කාරයො ඉතුරු වෙනවා.

‘කන්නලාගෙ තාත්තා නැති වෙලා’<br>මට යායුතු තවත් මරණයක් එකතු වුණා. මේ නොවැම්බර් මාසෙ මළවුන්ගෙ මාසෙ හින්දමද කොහෙද ගොඩක් අය සමුගන්නවා. කොහොම වුණත් ඒ මරණය ගැන …

12 foods you should try in Sri Lanka | CNN Travel

එදා ප්‍රභාකරන්ගේ මාෆියා කල්ලිය වගේ අදත් සුළු කල්ලියක් ජනතාව ප්‍රාණ ඇපයට අරන්: මේක මානුෂීය මෙහෙවරක්: අපි ගල්ලෙන බින්දා සිංහබාහු පරපුරේ සිංහලයන් ජාතික ගමන යන්න එන්න - චම්පික රණවක ආණ්ඩුවෙන් ඉවත් වෙමින් කියයි------- (ලංකා ඊ නිව්ස්- 18.නොවැ.2014, ප.ව.5.20) “සිරකර සිටින සිංහබාහු පරපුරේ සිංහලයන්ට අපි කියන්නේ ගල් ලෙන අද අපි බි‍ඳලා තියෙනවා. දැන් අපිත් සමග ජාතික ගමන යන්න ඉදිරියට එන්න“ යි ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ආණ්ඩුවේ දැරූ ඇමැති ධූර වලින් ඉවත් වෙමින් එහි මහ ලේකම් චම්පික රණවක අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය. ජාතික හෙළ උරුමය ඊයේ පැවැත් මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව චම්පික රණවක ආණ්ඩුවේ දැරූ කැබිනට් ඇමැති ධූරයෙන්ද උදය ගම්මන්පිල බස්නාහිර පළාත් සභාවේ දැරූ අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වීමත් මෙතෙක් පටන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග අත්සන් කර තිබූ ගිවිසුම් වලින් ඉවත් වීමත් දැනුම් දීමට අද මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ. මෙම දැනුම් දීම ඉදිරිපත් කරමින් චම්පික රණවක කියා සිටියේ ජා.හෙ.උරුමය 2005 දී මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී එවක අගමැති මහින්ද රාජපක්ෂ සමග අත්සන් කරන ලද ගිවිසුමේ 7 වන වගන්තිය අනුව විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වගකියන ධූරයක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයකට යන බවට මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බවයි. එය මහින්ද චින්තනයට ඇතුළු කළ අතර පසුව 2010 දී මහින්ද චින්තනය ඉදිරි දැක්ම අනුවද විධායක ජනාධිපති ධූරය බාරකාර ධූරයක් ලෙස පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයට පත් කරන බවට පොරොන්දු වී ඇතැයි ද චම්පික රණවක පැවසීය. ඒ අනුව අද ජාතික හෙළ උරුමය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව එහි ඒකාධිපති බලතල ඉවත් කරන සංශෝධනයක් ගෙන එන්නැයි කීම අලුත් දෙයක් නොව වසර 10 ක් පරණ දෙයක් යැයි කී රණවක ඒ සඳහා හෙළ උරුමයට එකඟ විය හැකි පොදු වැඩපිලිවෙලකට සහාය දෙන බවත් පැවසීය. ශ්‍රීලනිපය සමග මේ සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡා අවසානයේ ශ්‍රීලනිපයේ මතය ලිඛිතව ලැබී ඇතත් ඒ මතය සමග ජාතික හෙළ උරුමයට එකඟ විය නොහැකි යයි කීවේය. එම ලිඛිත මතය අනෙක් පාර්ශවයෙන් ප්‍රසිද්ධ කර නැති නිසා තමන්ද එය ප්‍රසිද්ධ කිරීමට දැනට බලාපොරොත්තු නොවන බව රණවක පැවසීය. ඔවුන් අද ඇමැති ධූර වලින් ඉවත් වෙමින් ආරම්භ කෙළේ මානුෂීය මෙහෙයුමක්, මානුෂීය මෙහෙවරක් යයි කී චම්පික රණවක එය පැහැදිලි කරමින් මෙසේ කීය. ‘‘එදා ප්‍රභාකරන් මාවිල්ආරු සිද්ධියෙන් පසුව නන්දිකඩාල් වෙත ගිය ගමනේදී තමන්ගේ ජනතාව ප්‍රාණ ඇපයට අරගෙන ඒ මාෆියා කල්ලිය, ඒ ජුන්ටාව, ඒ ජාතිවාදී නව නාසිවාදය, ක්‍රියාත්මක කළා. අදත් අවාසනාවට රටේ බහුතරයකගේ ජාතික බලාපොරොත්තු සුළු කල්ලියක් විසින් අල්ලාගෙන පාලනය කරගෙන යනවා. ඒ කල්ලියෙන් සමස්ත ජාතියම මුදාගැනීමේ මානුෂීය මෙහෙවරයි මේ අද අපි ආරම්භ කෙළේ“ මෙම මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීම නිසා තමන්ට නොයෙක් චෝදනා, අඩම්තේට්ටම්, ගර්ජන, ප්‍රහාර එල්ල විය හැකි වුවත් තමන් සමග සිටින ගිහි භික්ෂු කිසිවෙක් ඊට බිය නැති බවද චම්පික රණවක අවධාරණය කෙළේය. අතීතයේදී සියළු දෙනා ජීවිතය පරිත්‍යාගයෙන් වැඩ කර ඇතැයි කී චම්පික ඉදිරියේදී නොසැලී ප්‍රතිපත්ති මත සිටින බව පැවසීය. “සිරකර සිටින සිංහබාහු පරපුරේ සිංහලයන්ට අපි කියන්නේ ගල් ලෙන අද අපි බි‍ඳලා තියෙනවා. දැන් අපිත් සමග ජාතික ගමන යන්න ඉදිරියට එන්න“ යි ඔහු අවසාන වශයෙන් පැවසුවේය. ඕමල්පේ සෝභිත හිමියන් ද අතුරලියේ රතන හිමියන්ද බස්නාහිර පළාත් සභාවේ ඇමැති ධූරයෙන් ඉවත් වූ උදය ගම්මන්පිලද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ අතර ඔවුන්ගේ ප්‍රකාශ වෙනත් ප්‍රවෘත්තියක ගෙන එන්නෙමු. කෙසේ වෙතත් ඊයේ අසනීපව රෝහල් ගත කර සිටි උදය ගම්මන්පිල පැමිණ සිටියේ නියමිත සැත්කමක් ස‍ඳහා අවශ්‍ය පැය ගණනක ආහාර නොගෙන සිටිය යුතු කාල සීමාවේදී හෙයින් ඔහු මඳ වෙහෙසකර බවක් පෙන්වීය.

මොකක්ද වෙන්නේ ? ජාතිවාදී ‘සොමියෙන්‘ පසු ජාතිවාදී ‘සලාදේ‘ ඒවිද? -නිරීක්ෂණ කිහිපයක් (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.18, ප.ව.11.20) * ජාතික හෙළ උරුමය, චිත්‍රයේ හරි මැද උඩට පැමිණ ඇත. එය `මොහොතේ බල සමබරතාව` බිඳින්නට වැදගත් නමුත් දිගුකාලීනව ගත් විට අනතුරුදායකය. එසේ වූයේ, ජවිපෙ `ප්‍රමාදය` නිසා සහ එජාප `තක්කඩිකම` නිසාය. අනාගත ආණ්ඩුවේ (ධනාත්මක උපකල්පනයකි) ජාතිවාදී මාත්‍රාව හැකි තරම් අඩුකරන්නට තිබුණු අවස්ථාව අර පක්ෂ දෙකේ `සෙල්ලම්` නිසා අනතුරේ හෙළී ඇත. * ඊළඟ මහමැතිවරණයේදී `එදා` ජවිපෙ මෙන් `මෙදා` හෙළඋරුමය සෑම දිස්ත්‍රික්කයකම උඩට එනු ඇත. රතන හිමි දැනුත් වේදිකාවේ වීරයාය. චම්පිකද එක් වූ පසු සම්පූර්ණයෙන්ම සිනමාව වෙන්වනු ඇත්තේ ඔවුනගේ තිර පිටපතටය. හැබැයි මහමැතිවරණයෙන් පසුදා සිට නාහෙන් අඬන්නට ඔට්ටු නැති බව ජවිපෙත් එජාපයත් දැනගෙන සිටිය යුතුය. * එජාපයට නම් ගානක්වත් නැත. රනිල් නිදහසේ තිරුපති වන්දනාවේය. සජිත් රහසේ ජනපති වන්දනාවේය. ජාවාරම්කාරයෝ සිරිකොතේ බල්ටි ගසති. එජාප භාණ්ඩාගාරයේ සල්ලි දෙස බලාගෙන `කොන්ත්‍රාත්` දේශපාලනය කරන කුම්භාණ්ඩයෝ දැනටමත් `බිස්නස්වලට` බැස ඇත. තනතුරු අතපතගාමින් කනාබල්ලන් ගහන එජාපයට අනතුරු පේන්නේ නැත. * චන්ද්‍රිකා, මංගල වැනි කීප දෙනෙක්, එජාපයේ රවී, කබීර්, කිරිඇල්ල වැනි අයගේ සහාය සහිතව කිසියම් ක්‍රියාන්විතයක නිරතව ඇති. එහෙත් ආණ්ඩුවේ `වැදගත්ම කොටස්` සටනට එක්කර ගැනීම සඳහා එජාපය පැත්තෙන් ජවසම්පන්න ප්‍රවේශයක් පෙන්වන්නේ නැත. බල හුවමාරුවක් ඇස් පනාපිට පෙනෙන්න තියෙද්දී විපක්ෂ පෙරමුණක තියෙන්නට අවශ්‍ය `යකඩ ජවය` ගෑවිලාවත් නැත. * ජවිපෙ කරමින් සිටින දේ ජවිපෙටවත් තේරෙනවාදැයි සැකය. අප මෙසේ කියූ විට `සමාජය කුතුහලයට පත්කළා`ය කියා අදේශපාලනික ආතල් එකක් ගන්නටද ඉඩ ඇත. ජවිපෙ, එහි මුළු සිරුරෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වී `පොදු අපේක්ෂක` කාරණාවේදී පමණක් `වමේ` රබර් අතක් විටින් විට පැළඳ එය ඔසවමින් - යළි සඟවමින් - නටවමින් - විහිළුවට බය කරමින් - බයට විහිළු කරමින් `බීන් භූමිකාවක` සිටියි. * කෙසේවෙතත් හෙළ උරුම දේශපාලනය මේ මොහොතේ අවතක්සේරු කළ යුතු නොවේ. විශේෂයෙන්ම `අතුරලියේ රතන හිමි` භූමිකාව අතිශය වැදගත්ය. එය හුදු දූපත්වාදී ලක්ෂණයන්ට එහා විභවයක් පෙන්වයි. මිලිටරි රෙජීමයක් ඉදිරියේ, කුසීත න්‍යායවාදී වම්මුන්ට - ප්‍රජාතන්ත්‍රවාදීන්ට නැති දිරියක් ශක්තියක් ජාතිකවාදී භික්ෂුවක් විසින් ප්‍රකට කරවනු ලැබීම අපේ කාලයේ දේශපාලන සරදමකි. * කවර අර්ථයකින් ගත්තද `වැදගත් දේශපාලන ඉන්ටවල් එකක්` සඳහා රෙජීමය වෙනස් කළ යුතුය. රෙජීම වෙනසකින් පසු ලැබෙන ඒ `ඉන්ටවල් එකේ` දිග පළල තීරණය වනුයේ ඒ ඒ දේශපාලන ව්‍යාපාරවල `වෙනස සඳහා වූ සටන් දායකත්වය` අනුව මිස වෙන මොකක්වත් නිසා නොවේ. අනෙක `උතුරට නැති ඉන්ටවල් එකකින්` දකුණට වැඩක් නැත. * ජිප්සීස්ලාගේ කැසට් පටය `සොමිය`ය. ඊට පස්සේ සන්ෆ්ලවර්ස්ලා ගැහුවේ `සලාදේ`ය. `ජාතිවාදී සොමිය` අංක 1 සහ 2 දැන් වාදනය වී අවසන්ය. සොමිය අංක 3 එන්නට හදයි. අපේ දේශපාලන උවමනාව `සොමිය` නිමවීමය. `ජාතිවාදී සොමිය` වෙනුවට `ජාතිවාදී සලාදේ` ආවොත් අපේ උවමනාව නුවමනාවක් වෙයි. සලාදේ ප්‍රමාණාත්මක ගුණාත්මක මාත්‍රාවන් වැදගත් වන්නේ එහෙයිනි. * මෙච්චරම ඔට්ටුවන්නට සිදු වී ඇත්තේ `හරිහමන්` දේශපාලන ව්‍යාපාරයක් මේ දූපත තුළ නැති නිසාය. දකුණේ පමණක් නොව උතුරේද දේශපාලනය තුළ ඉහළින් ඉන්නේ `ගේම්කාරයෝ`ය. මහා සංහාරයකින් පසුවත් `ඝාතකයා` සමග ඩීල් දාන්නට බලන්නේ ඒ නිසාය. මේ හදිසියේ දේශපාලන ව්‍යාපාර හදන්නට වෙලාව නැත. රෙජීමය වෙනස්වූවත් නැතත් `හරිහමන්` දේශපාලන ව්‍යාපාරයකට ජනවාරියේ සිට ඇබෑර්තුවක් තිබේ. -කුමාර වීරසිංහ-

Iconic Party Photos From the Past

From swanky soirees to posh premieres, we look back at candid photos from some of the most iconic parties.<p>From swanky soirees to posh premieres, we look back at candid photos from some of the most iconic parties of all time. Hosted by Truman Capote, Halston and Diana Vreeland, with star attendees …